අපගේ කතුවරුන්

සියල්ල දර්ශනය කරන්න

ටොම් ෆෙල්ටන් විසින් රචිත ලිපි

කීකරුකම නිදහස් කිරීම

යෞවනියගේ මුහුණින් කෝපය සහ ලැජ්ජාව පිළිඹිබු විය. 2022 ශීත සෘතු ඔලිම්පික් තරඟවලට සුදානම් වෙද්දී හිම මත ලිස්සා යාමේ ක්‍රීඩිකාවක් ලෙස ඇගේ සාර්ථකත්වයට සම කිරීමට කිසිවෙකුට නොහැකි විය. තරඟාවලි කිහිපයකින් ඇය රන් පදක්කමකට හිමිකාරියක් වනු ඇතැයි බලාපොරොත්තු ඉස්මතු කළාය. නමුත් පරීක්‍ෂණයකින් තහවුරු වූයේ ඇගේ ශරීරයේ තහනම් උත්තේජනයක් ඇති බවයි. බලාපොරොත්තු වල සහ චෝදනාවල විශාල බරකින් තෙරපී සිටි ඇය නිදහස් හිම මත…

කරුණාව සහ වෙනස් වීම

අපරාධය දරුණු එකක් වූ අතර, එය කළ පුද්ගලයාට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම විය. ඊළඟ වසරවලදී, එම මිනිසා - හුදකලා වූ සිරකඳවුරේදී - මානසික හා අධ්‍යාත්මික සුව කිරීමේ ක්‍රියාවලියක් ආරම්භ කළේය. එය පසුතැවිලි වීමට සහ යේසුස්වහන්සේ සමඟ නැවත සබඳතාවක් ඇති කිරීමට හේතු විය. මේ දිනවල ඔහුට වෙනත් සිරකරුවන් සමඟ හවුල් විම සඳහා සීමිත අවසර ලැබී තිබුණි. තවද, දෙවියන්වහන්සේගේ කරුණාවෙන්, ඔහුගේ…

සමේ ගැඹුරට වඩා

යේසුස්වහන්සේ කෙරෙහි තරුණ ඇදහිලිවන්තයෙකු වූ ජොසේ තම සහෝදරයාගේ දේවස්ථානයට පැමිණ සිටියේය. දේව මෙහෙයට පෙර ජොසේ ශුද්ධස්ථානයට ඇතුළු වූ අවස්ථාවේදී, ඔහුව දුටු විට සහෝදරයාගේ මුහුණ වෙනස් විය. ජොසේ ටී ෂර්ට් එකක් ඇඳගෙන සිටි නිසා ඔහුගේ අත්වල කොටා තිබු පච්ච හොඳටම පෙනෙන්නට තිබුණි. ඔහුගේ සොහොයුරා ඔහුට ගෙදර ගොස් අත් දිග කමිසයක් හැඳ ගෙන එන ලෙස කීවේ ජොසේගේ බොහෝ පච්ච වල ඔහුගේ අතීතයේ…

කුඩා ආරම්භයක්

1883 දී නිම කිරීමෙන් පසු බෘක්ලින් පාලම “ලෝකයේ අටවන ආශ්චර්ය” ලෙස සලකනු ලැබීය. නමුත් ව්‍යුහය සාර්ථක වීමට නම් එක් පාලම් කුළුණක සිට අනෙක් කුළුණ දක්වා සවි කරන ලද තනි සිහින් කම්බිය අත්‍යවශ්‍ය විය. තවත් කම්බි තුනක් සමඟ දැවැන්ත කේබලයක් ලෙස එකට වියන තෙක් පළමු කම්බියට අමතර කම්බි එකතු කරන ලදී. අවසන් වූ පසු, සෑම කේබල් එකක්ම - ගැල්වනයිස් කරන ලද…

ඇදහිල්ලෙන් ස්ථිරව සිටීම

එක්තරා සමාගමක් 1998 දී ලොව වැඩියෙන්ම අලෙවි වන ජංගම දුරකථන සමාගම බවට පත් වූ අතර 1999 දී ඩොලර් බිලියන හතරක් දක්වා ලාභය ඉහළ යනු දුටුවේය. නමුත් 2011 වන විට අලෙවිය අඩු වෙමින් පැවති අතර ඉක්මනින්ම අසාර්ථක වූ දුරකථන සමාගමේ වෙළඳපොල මයික්‍රෝසොෆ්ට් සමාගම විසින් අත්පත් කර ගන්නා ලදී. පෙර කී ආයතනයේ ජංගම දුරකථන අංශයේ අසාර්ථකත්වයේ එක් සාධකයක් වූයේ විනාශකාරී තීරණ වලට…

අනතුරු ඇඟවීමේ ශබ්ද

කිසියම් දිනක ඔබ විෂඝෝර නයෙක් (rattle snake) අසළ සිටියේද? එසේ නම්, ඔබ ඌ ළඟට යන විට ‘කට - කට‘ යන ශබ්දය අධික වන බව ඔබ අසා ඇති. කරන්ට් බයලොජි නොහොත් වර්තමාන ජීවවිද්‍යාව නමැති විද්‍යාත්මක සඟරාවේ පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ තර්ජනයක් ළං වන විට මෙම සර්පයන් ඔවුන්ගේ ශබ්දය වැඩි කරන බවයි. මෙම “ඉහළ-සංඛ්‍යාත” නොහොත් අධික ගැස්ම හේතුකොටගෙන උන් අප සිතනවාට වඩා…

නොසැළකිලිමත් තීරණ

නව යොවුන් වියේදී, මම උසස් පෙළ පන්තියේ පැසිපන්දු පුහුණුවීම්වලින් පසු මගේ මිතුරාගේ නිවසට යෑමට මා ඔහුගේ පසු පසින් ඉතා වේගයෙන් රිය පදවාගෙන ගියෙමි. දැඩි වර්ෂාවක් නිසා මට ඔහුගේ මෝටර් රථය පසු පසින්ම මගේ මෝටර් රථය පැදවීම අපහසු කාර්යයක් විය. හදිසියෙන්ම, මගේ රථයේ වයිපරය ඉදිරි පස තිබෙන වීදුරුවේ තිබූ වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කළ අවස්ථාවේදී, මගේ මිතුරාගේ සෙඩාන් වර්ගයේ මෝටර් රථය මා…

ව්‍යසනය මගින් ඇද ගන්නා ලදී

1717 දී, විනාශකාරී කුණාටුවක් දින ගණනාවක් පුරා පැතිර ගිය අතර, උතුරු යුරෝපයේ පුළුල් ගංවතුරක් ඇති විය. නෙදර්ලන්තය, ජර්මනිය සහ ඩෙන්මාර්කය යන රටවල මිනිසුන් දහස් ගණනකට ජීවිත අහිමි විය. ඉතිහාසය රසවත් හා සිරිතක් හෙළිදරව් කරයි. එනම්, එම කාලය සඳහා අවම වශයෙන් එක් පළාත් පාලන ආයතනයක් ප්‍රතිචාරය දක්වන ලදී. නෙදර්ලන්තයේ නගරයක් වන ග්‍රොනින්ගන් හි පළාත් බලධාරීන් ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් "යාච්ඤා දිනයක්" පැවැත්විය.…

මොනතරම් සොයා ගැනීමක්ද!

2021 දී කිමිදුම් කට්ටලයක් පැළඳ ගෙන දිය යට පිහිනමින් සිටියදී ජෙනිෆර්ගේ දෑස් ගඟක් පතුලේ තිබූ කුඩා කොළ පැහැති බෝතලයක් වෙත යොමු වුනි. ඇය “ජීවිතයේ එක් වරක් සොයා ගැනීමක්” ලෙස විස්තර කරන දෙය හාරා ගත්තාය. 1926 දී ඔහුගේ දහඅට වන උපන් දිනයේදී තරුණයෙක් විසින් ලියන ලද පණිවුඩයක් බෝතලයේ අඩංගු විය. පණිවුඩය සොයා ගත් තැනැත්තා ඔහුට එය නැවත ලබා දෙන ලෙසට එහි…